Saturday, October 19, 2024
Follow Us
නෙළුම් අල ව්‍යාංජනය

අවශ්‍ය දේවල්

නෙළුම් අල ග්‍රෑම් 400 ක්

ලොකු ලූනු ගෙඩි 1 ක්

අමු මිරිස් කරල් 2 ක්

සුදුලූනු බික් 2 ක්

රම්පෙ, කරපිංචා

කුරුඳු පොතු කැබැල්ලක්

තළාගත් කරඳමුංගු

කරල් 2 ක්

 

රස අනුව ලුණු

මිරිස් කුඩු තේ හැඳි 1 ක්

තුනපහ කුඩු තේ හැඳි 1 ක්

කහ කුඩු තේ හැඳි 1/2 ක්

මස් උයන්න හදාගත් තුනපහ කුඩු තේ හැඳි 1 ක්

තෙල් මේස හැඳි 2 ක්

මිටි කිරි කෝප්ප 1 1/2 ක්

 

අවශ්‍ය දේවල්

නෙළුම් අල පීලර් (peeler) එකක් මඟින් හෝ පිහියක් මගින් පොත්ත සූරා ඉවත්කරන්න. සිහින් පෙති වෙන්න කපා ලුණු වතුරේ දමා හොඳින් ගසා සෝදන්න. එවිට නෙළුම් අල තළ රැඳී ඇති මඩ සහ විසබීජ ඉවත් වෙනවා. අපි කහ සහ ලුණු වතුර යොදාගෙන කොළ වර්ග සෝදන්නේ මේ හේතුව නිසායි. දැන් ආයෙමත් හොඳ වතුරෙන් සෝදන්න. සුදුසු භාජනයක් ළිප තබා එයට තෙල් මේස හැඳි 2 එක් කරන්න. තෙල් රත්විගෙන එද්දී එයට තළාගත් සුදුලූනු, එනසාල් (කරඳමුංගු), රම්පෙ, කරපිංචා , කුරුඳු එකතු කරන්න. ඒ සියල්ල චුට්ටක් බැදුණු පසු සිහින්ව කපාගත් ලූනු එකතු කරන්න. ලූනුත් තැම්බීගෙන එන විට එයටම තුනපහ වර්ග, මිරිස් කුඩු, කහ, ලුණු එකතු කරන්න. ටික වෙලාවකින් නෙළුම් අල සහ අමු මිරිස් එකතු කරන්න. දැන් මඳ ගින්දරේ හිමින් තෙලෙන් තැම්බෙන්න දෙන්න. කොහොමත් ගින්දර වැඩි කරන්න එපා. එතකොට තුනපහ බැදෙන්නේ නැහැ. කර වෙනවා. මඳ ගින්දරේම හදන්න. තෙලෙන් ටික වෙලාවක් තැම්බුණු පසු මිටි කිරි එකතුකර හිමින් කිරෙන් තැම්බිලා හිඳෙන්න දෙන්න. ඇඹුලට ටිකක් කන්න කැමැති නම් මෙයට තක්කාලි ගෙඩි 1 ක්, සියඹලා ඉස්ම ටිකක් එකතු කරගන්න

(Tharunie)