Saturday, October 19, 2024
Follow Us
කොහිල මෝජුව

අවශ්‍ය දේවල්

කොහිල අල 2 ක්

(බර ග්‍රෑම් 250 ක්)

රතු ලූනු ගෙඩි 16 ක් විතර

(රතු ලූනු සයිස් එකෙන්

ලොකු නම් දෙකට කපන්න)

අමු මිරිස් කරල් 8 ක්

විනාකිරි තේ හැඳි 1 ක්

සුදුලූනු බික් 1 ක්

කරපිංචා කොළ කිහිපයක්

කහ කුඩු තේ හැඳි 1/4 ක්

මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්

රස අනුව ලුණු

සීනි තේ හැඳි 1 ක්

දෙහි ඉස්ම මේස හැඳි 1 ක්

බැදගැනීමට තෙල් මේස හැඳි 3 ක්

 

සාදන ආකාරය

 

කොහිල අල වටේ පොතු හැර සෝදා සිහින් තීරු විදියට කපාගන්න. කහ, ලුණු අතගාගත් කොහිල තෙල් මේස හැඳි 3 ක් පැතැලි බඳුනකට දමා ඒ මත අතුරා බැදගන්න. එහාට මෙහාට කරමින් බැදගත් කොහිල අලවල ඇති වැඩිපුර තෙල් අයින් වෙන්න පේපර් සර්වියට් එකක් මතට එක් කරන්න.

දැන් ඒ තෙලටම රතුලූනු සහ අමු මිරිස් එක් කර තත්පර කිහිපයක් බැදගන්න. බැදගත් කොහිල, රතු ලූනු, අමු මිරිස් මැටි වළඳකට එක්කර එයට, සීනි, විනාකිරි, රස අනුව ලුණු, හීනියටම කපාගත් සුදුලූනු, කරපිංචා, මිරිස් කුඩු, දෙහි ඉස්ම එක්කර කලවම්කර හොඳින් වසා පැයක් පමණ තියා කෑමට ගන්න.

(Tharunie)