Saturday, October 19, 2024
Follow Us
හතු සීනි සම්බෝලය

අවශ්‍ය දේවල්

ඕනෑම හතු වර්ගයකින් ග්‍රෑම් 500 ක්

ලූනු ග්‍රෑම් 600 ක්

සුදුලූනු බික් 1 ක්

කෑලි මිරිස් තේ හැඳි 2 ක්

මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්

කහ කුඩු තේ හැඳි 1/4 ක්

සීනි තේ හැඳි 1 1/2 ක්

රස අනුව ලුණු

සියඹලා ඉස්ම තේ හැඳි 1 ක්

එනසාල් 3 ක්

කරාබු නැටි 2 ක්

කරපිංචා ටිකක්

රම්පෙ

කුරුඳු පොතු කැබලි 2 ක්

හතු බැද ගැනීමට තෙල්

සීනි සම්බෝලය සාදා ගැනීමට තෙල් මේස හැඳි 3 ක් පමණ

 

සාදන ආකාරය

 

හතු හොඳින් සෝදා පිරිසුදුකර වතුර වියළා ගන්න. දැන් තීරු වෙන්න කපන්න. සුදුසු භාජනයක් ළිප තබා එයට තෙල් පොඩ්ඩක් වෙන්න එකතුකර කපාගත් හතු අතුරා රන්වන් පාට වනතුරු බැදගන්න.

ගැඹුරු තෙලේ බදින්න ඕනේ නෑ. තෙල් පොඩ්ඩක් වෙන්න එක්කර හැන්දෙන් එහාට මෙහාට කරමින් බැදගන්න. බැදගත් හතු වෙනත් භාජනයකට අයින් කරන්න.

වැඩිපුර තෙල් ද අයින් කරන්න. කපාගත් ලූනු හා තළාගත් සුදුලූනු, රස අනුව ලුණු, මිරිස් කුඩු, කහ කුඩු, කෑලි මිරිස්, රම්පෙ, කරපිංචා, කුරුඳු, එනසාල්, කරාබු නැටි මේ සියල්ල එක් කරන්න.

දැන් හතු බැදපූ භාජනෙම වැඩිපුර තෙල් ඉවත්කර ලූනු එකතු කරන්න. ලූනු වතුර ගතිය ගිහින් හොඳින් තැම්බිලා එන විට දී සීනි එකතු කරන්න. ලී හැන්දකින් එහාට මෙහාට කරමින් අඩිය අල්ලන්න නොදී හදාගන්න ඕනේ.

ලූනු පාට වීගෙන එද්දී බැදගත් හතු එකතු කරන්න. දැන් සියල්ල කලවම්කර හොඳින් පාට වනතුරුම හැන්දකින් එහාට මෙහාට කරමින් සීනි සම්බෝලේ හදාගන්න. ලුණු රස බලන්න. සීනි මදි වගේ හැඟේ නම් එකතු කරන්න. අවසානයේ දී සියඹලා ඉස්ම එකතුකර හොඳින් කලවම් කරන්න. මිරිස් කෑලි, මිරිස් කුඩු අවශ්‍ය පමණ එකතු කරන්න.

(Tharunie)