Saturday, October 19, 2024
Follow Us
එග් ෆින්ගර්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

* බිත්තර 5 ක්

* මිරිස් කුඩු තේ හැන්දක්

* ලුණු කුඩු තේ හැඳි 1/4 ක්

* කෝන් ෆ්ලවර් මේස හැඳි 2 ක්

* පාන් පිටි මේස හැඳි 4 ක්

* බටර් ස්වල්පයක්

* පාන් කුඩු

* බැදගැනීමට තෙල්

 

සාදාගන්නා ආකාරය

බිත්තර 4 ක් කඩා ලුණු සහ මිරිස් කුඩු තේ හැඳි 1/2 ක් දමා හොඳින් බිට් කරගෙන කුඩා හතරැස් තැටියක බටර් තවරා එයට දමා ස්ටීම් කර ගන්න. එය හොඳින් තැම්බුණු පසු සිහින් තීරුවලට කපා ගන්න.ඉතිරි බිත්තරය කඩා හොඳින් ගසාගෙන පසෙකින් තබා පාන් පිටි කෝන් ෆ්ලවර් සහ ඉතිරි මිරිස්කුඩු තේ හැන්ද සමග අවශ්‍ය නම් පමණක් ලුණු කුඩු ස්වල්පයක් දමා මිශ්‍රකර ස්ටීම් කර ගත් බිත්තර තීරු පිටි මිශ්‍රණයේ දමා පිටි දවටා බිත්තර සාරුවල ද දවටා ගන්න. දැන් බිත්තර තීරු පාන් කුඩුවල දවටා ගන්න’ බිත්තර ෆින්ගර්ස් ශක්තිමත්ව තිබීමට මේ ආකාරයට දෙවතාවක් පිටි, බිත්තර,පාන්කුඩුවල දවටා ගැඹුරු තෙලේ රන්වන් පැහැයට එනතුරු බැද ගන්න.

 

(Nawaliya)