Saturday, October 19, 2024
Follow Us
2024 ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර දී අවසන්

2024 ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ (15)  සිදු කෙරිණි. 

මැතිවරණ කොමිසම සඳහන් කළේ  ඇප තැබු අපේක්ෂකයින් 40 දෙනා අතුරින් 39 දෙනෙකු නාමයෝජනා භාරදුන් බවයි.

නාමයෝජනා භාරගැනීම අද  පෙරවරු 9.00ට ආරම්භ වූ අතර එම කටයුතු  පෙරවරු 11ට අවසන් විය. 

අනතුරුව නාම යෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමට පෙරවරු 11 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා දී තිබේ.

ඒ අනුව අපේක්ෂකයින්  39 දෙනෙකු නියමිත කාල සීමාව තුළ  නාමයෝජනා ලබා දුන් අතර එම නාම යෝජනා 39 පිීළිගත් බවත් මැතිවරණ කොම්සමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.