Saturday, October 19, 2024
Follow Us
පින්නවලත් කිතුල්ගලත් ආවරණය වන පරිදි සංචාරක කලාපයක්

පින්නවල කිතුල්ගල සංචාරක තීරය සංවර්ධනය කිරීමේ වැඩසටහනට අදාලව හඳුනාගෙන ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
පින්නවලත් කිතුල්ගල සංචාරක කලාපයත් ආවරණය වන පරිදි සංචාරක කලාපයක් ඉදිකිරීමට 2024 අයවැය යෝජනාවකින් ඉදිරිපත් කළ බවද ඒ සඳහා සංචාරක සහ ඉඩම් අමාත්‍යංශය වෙත රුපියල් මිලියන 750ක ප්‍රතිපාදන වෙන්කර ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් 34%ක් පමණ පින්නවල අලි සුරතල් බැලීමට යන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.