Saturday, October 19, 2024
Follow Us
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

2024 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට චක්‍රලේඛය අනුව ළමුන් ඇතුළත් කිරීම අවසන් කර ඇත. 2024-07-26 දින ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ළමුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කිරීම හෝ නිලධාරීන් ස්ථාන මාරු කිරීම අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු විසින් ඉහත තොරතුරු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන බවට අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.