Saturday, October 19, 2024
Follow Us
සෞඛ්‍ය උපකරණ මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුමැතිය

CT සහ  X කිරණ රූපකරණ ක්‍රම සඳහා භාවිත කරන Non Ionic Contrast Media මිලදී ගැනීම සඳහා යුනික් ෆාමර්සූටිකල්ස් ලැබෝටරීස් වෙත ප්‍රසම්පාදනය පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් ප්‍රකාශක,ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

මෙම Non Ionic Contrast Media මිලදී ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති බව පවසන අමාත්‍යවරයා ඒ සඳහා ලංසු 6ක් ලැබී ඇති අතර තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ඉහත ආයතනය අවම ලංසුවක් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේය.

එසේම ටෑන් (TAN) ඉම්ප්ලාන්ට්ස් සහිත ඩිස්ටල් ෆිමෝරල් නේලීන් කට්ටල 45ක් සැපයීම සඳහා ඉන්දියාවේ M/s Medisurg International වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඉදිරිපත් කළ යෝජනාවටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය.

දරුණු අස්ථි බිඳීම්වලදී අස්ථි සුව කිරීම සහ පෙළගැස්වීම ප්‍රවර්ධනය කිරීම සඳහා සිදුකරන විකලාංග සැත්කම්වලදී මෙම කට්ටල භාවිත කෙරේ.

මේ සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති බව පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා ලංසු දෙකක් ලැබී ඇති බවත් තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අවම ලංසුකරු වන  ඉන්දියාවේ M/s Medisurg International වෙත ප්‍රසම්පාදනය පිරිනැමීම ,  අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.