Saturday, October 19, 2024
Follow Us
වතු පාසල් වැඩිදියුණු කිරීමට ඉන්දීයාවෙන් ප්‍රදානයක්

වතු පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ඉන්දීය රජයෙන් රු. මි. 600 ක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා අදාළ ලේඛනවලට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට  අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.

ඉන්දීය රජයේ රුපියල් මිලියන 300ක ප්‍රදානයක් මඟින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2019-06-04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති අතර, ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික අර්බුදය මත මිල ගණන් ඉහළ යාම හේතුවෙන් එකී ව්‍යාපෘතිය සඳහා වන මුළු ප්‍රදානය රුපියල් මිලියන 600 දක්වා වැඩි කිරීමට ඉන්දීය රජය විසින් එකඟතාව පළ කර ඇත. ඒ අනුව, මෙම තීරණය ගෙන ඇත.