Saturday, October 19, 2024
Follow Us
ජනපතිවරණ සමයේ රාජ්‍ය ආයතනවලට අදාළ චක්‍රලේඛයක්

ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය ඇතුළත් චක්‍රලේඛය, නිලධාරීන් වෙත යොමු කර තිබේ. 

මැතිවරණ කොමිසම සඳහන් කළේ, සියලු රාජ්‍ය ආයතන මැතිවරණ සමයේදී අදාළ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළ යුතු බවයි. 

ලබන මාසයේ සිට ජනාධිපතිවරණයට අදාළ බාහිර පාර්ශ්ව ද මැතිවරණ කොමිසමට කැඳවීමට තීරණය කර ඇත. 

ඒ, ජනාධිපතිවරණයේදී ආයතනික කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීම සඳහායි. 

මේ අතර ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මැතිවරණ ලියවිලි අඩංගු පත්‍රිකා බෙදාහැරීම ආරම්භ කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, පළාත් නියෝජ්‍ය තැපැල්පතිවරුන් ඇතුළු නිලධාරීන්ට ඊට අදාළ උපදෙස් නිකුත් කර ඇති බවය

-Aruna