Saturday, October 19, 2024
Follow Us
රජයට අයත් පොහොර සමාගම් දෙක අද සිට  State Fertilizer නමින්  ඒකාබද්ධ කෙරේ

මෙතෙක් කලක් රජයට අයත් කොමර්ෂල් පොහොර හා ලංකා පොහොර සමාගම් දෙක අද  (12) සිට State Fertilizer නාමය යටතේ රජයට අයත්  සමාගමක් වශයෙන් ඒකාබද්ධ කිරීමට පියවර ගෙන ඇත.

මෙතෙක් කළක් සභාපතිවරු දෙදෙනෙක් හා අධ්‍යක්ෂ මණ්ඩල දෙකක් හා කාර්ය මණ්ඩල දෙකක්  වශයෙන් පැවැති එම සමාගම් දෙක ඒකාබද්ධ කිරීම මගින් මෙතෙක් කලක් වැය වූ විශාල මුදලක් රජයට ඉතිරි කර ගැනීමට හැකි වී තිබේ.

රජයට අයත් පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කිරීම හා නව නාමය හඳුන්වා දීමේ වැඩසටහන  ඊයේ (11)  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැත්විණි .

 එකම අමාත්‍යාංශයක් යටතේ එකම විෂයට අදාළව කටයුතු කරන ආයතන විශාල ප්‍රමාණයක් දැනට අප රට තුළ පවතී. මේ නිසා රජයට මෙතෙක් මෙවැනි ආයතන සඳහා අමතරව විශාල මුදලක් වැය කිරීමට සිදු වී තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එකම විෂය පථයට අයත් ආයතන ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  විසින් අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දී තිබිණි

රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා මෙම වැඩපිළිවෙළ ඉතාමත් සුදුසු බැවින් එසේ ඒකාබද්ධ කරන ලද ප්‍රථම ආයතන දෙක වන්නේ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගමයි.

ඒ අනුව අද සිට (12) රජයට අයත් මෙම පොහොර සමාගම් දෙක State Fertilizer යන නමින් හඳුන්වනු ඇත.