Saturday, October 19, 2024
Follow Us
වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන්ට වූ දෙය

වර්ජනයේ නිරත වෙමින් සේවයට වාර්තා නොකළ සියලුම දුම්රිය සේවකයින් සඳහා "සේවය හැරගියා සේ සලකා" ලිපි නිකුත්කළ බව ප්‍රවාහන ආචාර්ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු පැවසුවේ රටේ පවතින නීතියට අවනත නොවී වැඩවර්ජන සිදුකිරීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එම ලිපි නිකුත්කළ බවයි.

ඒ අනුව රටේ විධායක ජනාධිපතිවරයාගේ නියෝග අභියෝගයට ලක් කරමින් වර්ජනය සිදුකිරීම සම්බන්ධයෙන් දහසකට වැඩි එම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ලිපි නිකුත් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකරවරයා කටයුතු කර තිබෙන බවද ඇමතිවරයා පැවසීය

වෘත්තීය ඉල්ලීම් යැයි සලකා රටේ ජනතාවට බලහත්කාරය පෑමට කිසිදු වෘත්තීය සමීතියකට ඉඩ නොමැති බවත් යුද හමුදාව සහ ආරක්ෂක අංශ යොදවා දුම්රිය සේවාවන් හැකි අයුරින් ලබාදීමට උපරිමය උත්සාහය ගන්නා බවද මෙහිදී  වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසීය.