ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරස් වසංගතය තවමත් පොකුරු වලට පමණක් සීමා වී ඇති අතර මේ දක්වා ප්‍රජාව තුල ව්‍යාප්තවී ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක ප්‍රකාශ කර සිටිනවා.
ලංකා වාණිජ මණ්ඩලය සහ ජාතික වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කළ සම්මන්ත්‍රණයකදී මාර්ගගත ඉදිරිපත් කිරීමක් කරමින් ඔහු අනතුරු ඇඟවූයේ, රට යථා තත්ත්වයට පත්වන විට කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමේ පිළිවෙත් දැඩිව සිදු නොවන්නේ නම්, ආසාදන සම්ප්‍රේෂණය වීමේ අවදානමක් පවතින බවයි.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මාර්තු 20 වෙනිදා සිට පැනවූ ඇඳිරි නිතිය මාස දෙකකට ආසන්න කාලයකින් පසුව හෙට (11) දිනයේදී ඇඳිරි නීතිය ඉවත් කිරීමට නියමිතය.
" කිසිදු පුද්ගලයෙකු අහඹු ලෙස රෝහලක් වෙත ගොස් කොරෝනා වෛරසය ආසාධනය වී ඇත්ද යන්න සොයා බැලීමට PCR සිදුකළ හැකිද? වෛරසයට නිරාවරණය වීමේ අවදානම මත පදනම් වූ වෛද්‍ය තීරණයක් මත පමණයි එලෙස පරීක්ෂණයක් සිදුකිරීමට හැකියාව ලැබෙන්නේ. මේ වන විට දැඩි අවධානම් කලාප සහ ආශ්‍රිතයින් සිටින ස්ථාන වල මෙම පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බවයි" ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිවරයා කියා සිටියේ.
යම් හෝ අතපසුවීමකින් වෛරසය සම්ප්‍රේෂණය වීමට ඉඩ ඇති බවත් ඒ සමග සමාජය තුල පොකුරු වර්ධනය වීමටත් ඒ සමගම යලි වැඩ අරඹන කාර්යාල සහ කර්මාන්තශාලා තුල යලිත් කොරෝනා වසංගතයට හිස එසවීමේ අවධානමක් මතුවිය හැකි බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක අනතුරු අඟවා සිටියේ.
වර්ථමානයේදී කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන්ගේ වාර්තා වන ‘අධි අවදානම් සහිත ප්‍රජාව’ සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරෙනවා. නමුත් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන්ගේ ආශ්‍රිතයින්ට වෛරසය වැලදීමේ අනුපාතය අනෙක් රටවල් සමග සැසදීමේදී ඉතා අඩු අගයක් ගන්නා බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
(Neth)