රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පැමිණෙන කාර්ය මණ්ඩල වෙනුවෙන් ලබන සඳුදා (11 වැනිදා) සිට යොදවන දුම්රියයන්වල ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදා සාමාජිකයන් හයසියයක පමණ පිරිසක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
සෑම දුම්රිය මැදිරියක් සඳහා දුම්රිය ආරක්ෂකයන්ට අමතරව මෙම හමුදා සාමාජිකයන් යොදවන බව දුම්රිය වාණිජ අධිකාරී වී.එස්. පොල්වත්ත ‘අරුණ’ට ඊයේ (06 වැනිදා) පැවැසීය. මෙලෙස යුද හමුදාව යොදවන්නේ කලින් ආසන වෙන් කරවා ගත් මගීන්ට අමතරව වෙනත් දුම්රිය මගීන් දුම්රියට ගොඩවීම වළක්වා ගැනීමට යැයි ද හෙතෙම කීවේය. ආසන වෙන් කිරීම සිදු කෙරෙන්නේ ආයතන ප්‍රධානීන්ගෙ නිර්දේශ මත පමණක් යැයි ද ධාවනය කෙරෙන දුම්රිය සංඛ්‍යාව තීරණය කෙරෙන්නේ වෙන් කර ගන්නා ආසන ප්‍රමාණය අනුව යැයි ද වාණිජ අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.
(Aruna)