Thursday, October 31, 2024
Follow Us
පිටරටින් එන අයට මුදල් ගෙවා දිලිත්ගේ සිට්‍රස් හෝටලයේ නිරෝධායනය වෙන්න පුළුවන්

පිටරට සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අයට මුදල් ගෙවා සුඛෝපභෝගී හෝටල්වල නිරෝධායනය වීමේ අවස්ථාව රජය විසින් සලසා ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව දැනට දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර මහතාට අයත් වාද්දූව සිට්‍රස් හෝලයට සහ ජෙට්වින්ග් සමූහයට අයත් තවත් හෝටලයක් මේ සඳහා සූදානම් කර ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම හෝටල්වල සුපිරි මිල ගණන අය කිරීමක් වෙනදා මෙන් සිදු නොවන බව පැවසූ ඒ මහතා වෙනදාට රුපියල් 25000ක් පමණ අය කළ හෝටල් කාමරයක් මෙම නිරෝධායනය සඳහා කෑමබීම සහිතව දිනකට රුපියල් 7500ක මිලකට සැපයීමට ඔවුන් එකඟ වී ඇති බවත් හෝටල් හිමියන්ට මෙයින් කිසිදු ලාබයක් නොලැබෙන අතර ඔවුන් පරිත්‍යාගයක් වශයෙන් මෙම ක්‍රියාවලියට දායකත්වය දක්වා ඇති බවත් ප්‍රකාශ කළේය.

(LNW)