වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් කොරෝනා පරීක්ෂණයට ලක්කිරීම සඳහා ඔවුන්ගෙන් සාම්පල් ලබාගැනීමේ කටයුතු ඊයේ (02) දිනයෙන් අවසන් වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
ඊයේ (02) දිනයේදී කොරෝනා ආසාදිතයින් වශයෙන් වැලිසර නාවික හමුදා කඳවුරෙන් හඳුනාගත්තේ පෙරේදා දිනයේදී ලබාගත් සාම්පල් 168ක් අතරින් බව පැවසූ ඒ මහතා ඊට අමතරව ඊයේ දිනයේදී තවත් සාම්පල් 200ක් ලබාගෙන ඇති බවත් සඳහන් කළේය.
ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ සිටි අයගේ සහ නිවාඩු ගොස් පැමිණි අයගේ සාම්පල් ලබාගැනීම සම්පූර්ණයෙන්ම අවසන් බවයි ඒ මහතා පැවසුවේ.
එසේම ඊයේ දිනයේදී මෙරට තුළ වාර්තාගත ලෙස කොරෝනා පරීක්ෂණ 1681ක් සිදු කෙරුණු බවත් එය මෙරට දැනට පවතින උපරිම ධාරිතාවය බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(LNW)