කොවිඩ් 19 වෛරස් ආසාදිතයකු වශයෙන් හඳුනාගෙන රෝහල්ගතව ප්‍රතිකාර ලබා සම්පූර්ණයෙන් සුවපත්ව නිවස කරා ගිය පුද්ගලයෙකුට ද යළි එම වෛරසය ආසාදනය වී ඇති බව ජා ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න මහතා පවසයි.
මෙසේ දෙවන වරටත් කොරෝනා වෛරස් ආසාදනයට ගොදුරු වී ඇත්තේ 67 හැවිරිදි පුද්ගලයෙකි.
මොහු පසුගිය මාර්තු 17 වනදා කොරෝනා ආසාදිතයකු වශයෙන් හඳුනාගෙන අංගොඩ IDH රෝහලට ඇතුළත් කර ඇති අතර මාසයක කාලයක් ප්‍රතිකාර ලබා සම්පූර්ණයෙන් සුවපත් වීමෙන් අනතුරුව අප්‍රේල් 17 වනදින ආපසු නිවෙස කරා යවා තිබිණි.
නිවසට පැමිණ දින 14ක් ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි මොහු අප්‍රේල් 30 වනදා පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ඇත. එහිදී කළ PCR පරීක්ෂණයකින් පසු මොහුට යළිත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති අතර ඔහුව නැවත වරක් IDH රෝහල කරා මාරුකර යවා ඇත.
මොහු වකුගඩු රෝගයකින් සහ දියවැඩියාවෙන් ද පෙළෙන අයකු බවයි ජා ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ.
(LNW)