රට තුළ පවතින තත්ත්වය හමුවේ ජීවනෝපාය අහිමිවූ පිරිස් වෙත රුපියල් පන්දහසේ දීමනාව ලබා දීම යටතේ අභියාචනා සලකා බැලීම මේ දිනවල සිදු කෙරෙනවා.
සමෘද්ධි අධ්යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි නෙත් නිවුස් වෙත කියා සිටියේ, අදාළ දීමනාව ලබා දීමේදී ආවරණය නොවූ ක්ෂේත්ර ද හඳුනාගනිිමින් එම දීමනාව නොලැබුණු තවත් පිරිසකට එය ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි.
දැනට රුපියල් 5000 ස ලබා දීමේ කණ්ඩායම්වලට ඇතුළත් නොවන පිරිස් පිළිබඳවත් සලකා බලමින් කටයුතු කරමින් ඇති බවත් සඳහන් කළා.
අදාළ අභියාචනා සලකා බැලීම සිදු කෙරෙන ආකාරය පිළිබඳව ද සමෘද්ධි අධ්යක්ෂ ජනරාල්වරයා කරුණු දැක්වූවා.
එහිදී විදේශ ගත වූ අයගේ පවුල්, ඇගලුම් ක්ෂේතයේ, පෞද්ගලික රැකියා ක්ෂේත්රය, දෛනික වැටුප් ලබන අය, අඩු විශ්රාම වැටුප් ලබන අය සහ තවදුරටත් ආමන්ත්රණය කිරීමට නොහැකිව ඇති පිරිස් වන බවයි සඳහන් කළේ.
(Neth)