ඊයේ (28) දිනයේ වාර්තා වුණු කොරෝනා ආසාදිතයින් 31 දෙනා පිළිබඳ විස්තරයක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉදිරිපත් කළේය.
"පෙරේදා සහ ඊයේ අතර රෝගීන් අඩුව කියන එක අපි මෙහෙම පැහැදිලි කරගන්න ඕනෙ. ඒ නාවික හමුදාවේ ගැටළුවෙන් තමයි වාර්තා වුණ රෝගීන් සංඛ්‍යාව විශාල වශයෙන් වැඩිවුණේ. දැන් මේ වනවිට එම නාවික හමුදා භටයින් ආසාදිත අය හොයාගෙන අවසන් භාගයට පැමිණෙමින් පවතිනවා. ඒනිසා තමයි මේක වැඩිවෙලා මේ 31ක් වගේ ගාණකට අඩුවෙලා තියෙන්නෙ.
දැන් ඒකෙදි 21 දෙනෙක් තමයි නාවික හමුදා භටයින් වෙන්නෙ. ඊළඟට හතර දෙනෙක් යුධ හමුදාවෙ සහ හය දෙනෙක් මේ නාවික හමුදා භටයින්ගෙ ස්පර්ශකයින් වශයෙන් ආසාදනය වෙච්ච අය. ප්‍රධාන වශයෙන්ම ඒ පවුලේම සාමාජිකයින් එහෙම නැත්නම් අවට ගෙදරක හිතවතුන්. ඊළඟට අපට ගැටළුව තියෙන්නෙ මේ නාවික හමුදාවෙ අයගේ සංඛ්‍යාව අඩුවෙන විට ඔවුන් හරහා ස්පර්ශකයින් වූ අයගේ රෝගීන් සංඛ්‍යාව වැඩිවෙයිද කියන එක. ඒ ගැන තමයි අපේ සෞඛ්‍ය කාර්යමණ්ඩල සහ බුද්ධි අංශ ඇහැ ගහගෙන ඉන්නෙ.
ඊයේ වාර්තා වුණු රෝගීන් ගත්තාම වැලිසර නාවික හමුදා කඳවුරෙන් තමයි 15කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන්නෙ. අනෙකුත් අය මැදිරිගිරිය, අරණායක, අගලවත්ත, පොල්පිතිගම, හබරණ මේ වගේ ප්‍රදේශවලින් වාර්තා වෙලා තියෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ඒ මහතා මේ බව පැවසුවේ අද (29) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් හා සම්බන්ධ වෙමිනි.
(LNW)