අද (28) අළුයම 5.00 ට ඇදිරි නීතිය ඉවත් කිරීමත් සමග කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ති‍්‍රක්ක හැර සෙසු දිස්ති‍්‍රක්කවල සාමාන්‍ය ජනජීවිතය යථාතත්ත්වයට පත්වෙමින් තිබෙනවා. කෙසේවෙතත් වෙනදා ඇදිරි නීතිය ඉවත් කළ අවස්ථාවලදී මෙන් නොව අද දිනයේ නගර වෙත පැමිණෙන ජනතාවගේ අඩුවක් බොහෝ ප්‍රදේශවලින් දක්නට ලැබීම කැපී පෙනෙන සිද්ධියක්.
නගර වෙත පැමිණෙන ජනතාව පවා මුඛ ආවරණ පැළද සෞඛ්‍ය උපදෙස් පිළිපදින ආකාරයද ඇතැම් නගරවල පැහැදිලිව දක්නට ලැබුණා. එහෙත් ඇතැම් නගරවලට පැමිණි පිරිස් මුඛ ආවරණ පැළද සිටියද මීටරයක පරතරය තබා ගැනීමට අපොහොසත් වී සිටියා.
ඇදිරි නීතිය ඉවත් කෙරුණු දිස්ති‍්‍රක්කවල තත්ත්වය සොයා බැලීම සදහා නෙත් නිවුස් වාර්තාකරුවන් අද උදෑසන සිට ක්ෂේත්‍ර චාරිකාවේ නිරතව සිටිනවා.
ගාල්ල දිස්ති‍්‍රක්කයේ තත්ත්වය සොයා බැලූ නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් පැවසුවේ වෙනදා තරම් අද දිනයේදී නගරය ජනතාවගෙන් පිරීගොස් නැති බවයි.
අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ තත්ත්වය පිළිබද නෙත් නිවුස් වාර්තාකරු පර්සි කුරුනේරු සොයා බැලූවා. ඔහු සදහන් කළේ අනුරාධපුර නගරයේ කඩසාප්පුද අද දිනයේ වසා දමා ඇති බවයි.
බදුල්ල දිස්ති‍්‍රක්කයේ තත්ත්වය සොයා බැලූවේ නෙත් නිවුස් වාර්තාකරු පාලිත ආරියවංශයි. ඔහු පැවසුවේ බොහෝ නගරවලට ජනතාවගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි.
අම්පාර නගරයේද දක්නට ලැබුණේ ජනතාවගේ අඩුවක්.
වවුනියාව දිස්ති‍්‍රක්කයට අද අළුයම ඇදිරි නීතිය ඉවත් කෙරුණද වෙළඳ සැල් රැසක් වසා දමා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ.
අද දිනයේ මෙලෙස ඉවත් කළ ඇදිරි නීතිය රාතී‍්‍ර 8.00 සිට යළි පැනවෙනවා. අද සිට මැයි පළමු වනදා දක්වා මෙම දිස්ති‍්‍රක්කවල ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වන්නේ රාති‍්‍ර 8.00 සිට පසුදා අලූයම 5.00 දක්වා පමණක් බවයි පොලීසිය සදහන් කළේ.
(Neth)