බලපත්‍රලාභී බැංකු මගින් පුද්ගලික ස්වර්ණාභරණ සුරැකුම් ලෙස තබා ගනිමින් මුදල් ණයට දීමේ දී අය කළ හැකි උපරිම පොලී අනුපාතය වසරකට 12%ක් දක්වා සීමා කර තිබෙනවා.
ඒ, ඊයේ (27) දින සිට ක්‍රියාත්මක වන පරිදියි.
මීට අමතරව වසරකට අඩු කාලයක් සඳහා ලබා දෙන උකස් අත්තිකාරම් සඳහා මසකට 1% ක උපරිමයකට සීමා කර තිබෙනවා.
මෙම උපරිම පොලී අනුපාත, ඊයේ දින සිට අළුතින් ලබා දෙන උකස් අත්තිකාරම්වලට සහ දැනට පවතින උකස් අත්තිකාරම් ඊයේ සිට නැවත අළුත් කිරීමේ දී අදාළ වන බවයි ශී‍්‍ර ලංකා මහ බැංකුව සඳහන් කළේ.
රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා බලපත්‍රලාභී බැංකු විසින් දැනට අය කරනු ලබන වාර්ෂීක පොලිය 12% ත් 17.5% ක් දක්වා පරාසයක පවතිනවා.
ඒ අනුව කොවිඞ්-19 ව්‍යසනය හේතුවෙන් ඇති වූ අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ, තම කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රන් භාණ්ඩ උකසට තබන අඩු ආදායම්ලාභීන්ට සහනයක් සැලසීිමේ අරමුණින් මෙම උපරිම පොලී අනුපාත සීමා පැනවීමට තීරණය කෙරුණා.
(Neth)