Thursday, October 31, 2024
Follow Us
කොරෝනා වෛරස ආසාදිතයන් සුවපත් කිරීමට අවශ්‍යය ඖෂධ සහ ප්‍රතිපාදන ජනවාරි 28 වන විටත් සූදානම් කර තිබුනා- ආයුර්වේද කොමසාරිස්

කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව හැටියට සුදානම් වූයේ චීනයේ වුහාන් පළාතේ සිට පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම ශ්‍රී ලංකාවට රැගෙන ආ වකවානුවෙමයි.

ජනවාරි 28 වනදා වන විට ආයුර්වේද දෙපාර්තමේන්තුව “කොරෝනා මැඩලීමට ආයුර්වේද පිළියම්” ලෙස ආයුර්වේද වෛද්‍යයවරුන් සඳහා අත් පොත පවා සකස් කර අවසන් බව ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා පවසයි.

එතුමා පවසන පරිදි මේ වන විට රටේ සියලුම බළධාරීන් දැනුවත් කර හමාර බවත් වෛරස් වසංගතය මැඩලීමට ආයුර්වේද කොමසාරිස් දෙපාර්තමේන්තුව ජාතික කමිටුවක් පවා සූදානම් කර ඇති බවත් ඒ මහතා විසින් සිව්හෙළ රූපවාහිනී චැනලය සමඟ පැවති සාකච්ඡාවකදී පැවසුවේය.

(Lanka Leads)