ඊයේ (27) දිනයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකින් කොරෝනා වෛරස් ආසාදිතයින් හතර දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
"60කට අධික සංඛ්‍යාවක් තමයි රෝගීන් වාර්තා වෙලා තියෙන්නෙ. රාත්‍රී කාලයේ නිශ්චිත ගණන මට කියන්න බෑ. කෙසේවෙතත් ඒ 60කට අධික පිරිසෙන් අති බහුතරය නාවික හමුදාවට අයත් උදවිය. එහිදී විවිධ ප්‍රදේශවල උදවිය වගේම වැඩි වශයෙන් වැලිසර කෑම්ප් එකෙ උදවිය බව පෙනී යනවා. ඊට අමතරව රෝගීන් ටික දෙනෙක් වාර්තා වෙනවා කොළඹින්.
උදාහරණයක් හැටියට නාරාහේන්පිට දාබරේ මාවතෙන් රෝගීන් දෙදෙනෙක් වාර්තා වෙනවා. මෙම දාබරේ මාවතේ මීට පෙර රෝගියෙකු වාර්තා වුණා. දින දෙකක් නියැදි අරගෙන පරීක්ෂා කිරීමේදී තමයි මේ ආකාරයට රෝගීන් දෙදෙනෙක් හොයාගන්න වුණේ. ඒ ප්‍රදේශය හුදෙකලා කරලා තියෙනවා.
ඒවගේම හැටේ වත්ත, ටොරින්ටන් පෙදෙසේ - බණ්ඩාරනායක මාවතේ සිට පැමිණි කෙනෙක් - ඔහු එහි රැඳිලා තිබෙනවා හැටේ වත්තේ. ඔහු ආසාදිතයෙක් වශයෙන් හඳුනාගෙන තිබෙනවා.
ඊට අමතරව හැව්ලොක් ලේන්හි කොළඹ මහ නගරසභාවේ පවිත්‍රතා අංශයේ වැඩකරන පුද්ගලයෙක් ආසාදිතයෙක් වශයෙන් හඳුනාගෙන තිබෙනවා. ඔහු ගමන් කරන පවිත්‍රතා රථයේ රියදුරු බණ්ඩාරනායක මාවතේ අයෙක්. මේ ආකාරයට තමයි රෝගීන් වාර්තා වන්නේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව පැවසුවේ අද (28) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් හා සම්බන්ධ වෙමිනි.
(LNW)