Thursday, October 31, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ පැතිර යන කොරෝනා වෛරස් ඛාණ්ඩය කුමක් දැයි මෙරටදීම අනාවරණය කර ගනී

කොවිඩ් 19 රෝගය ඇති කරමින් ශී‍්‍ර ලංකාවේ මේ වන විට ව්‍යාප්ත වෙමින් තිබෙන්නේ නව කොරොනා වෛරසයේ A කාණ්ඩය බව අධ්‍යනකින් හෙලි වී කිබෙනවා.

මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින්. එම විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය නිලිකා මලවිගේ එහි ප‍්‍රධානත්වය දැරුවා.

නව කොරෝනා වෛරසය විද්‍යාත්මකව හැදින්වෙන්නේ සාස් කොව් ටූ ලෙසයි. A, B සහ C ලෙස එහි මූලික ඛාණ්ඩ 03ක් විද්‍යාඥයින් විසින් හදුනාගෙන තිබෙනවා.

කොවිඞ් 19 රෝගය මුලින්ම හදුනාගැනුනු චීනයේ වූහාන් ප‍්‍රදේශයේ වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇත්තේ B ඛාණ්ඩයයි. යුරෝපා කලාපයේ වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන්නේ C ඛාණ්ඩය බව හදුනාගෙන තිබෙනවා. ශී‍්‍ර ලංකාවේ මේ වන විට ව්‍යාප්ත වෙමින් තිබෙන A ඛාණ්ඩය වැඩි වශයෙන් ව්‍යාප්ත වූ සෙසු රටවල් වන්නේ අමෙරිකාව සහ ඔස්ටේ‍්‍රලියාවයි.

වෛරසයක එක් එක් ඛාණ්ඩය මගින් ඇති කෙරෙන සංකූලතා එකිනෙකට වෙනස් වන බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා. කොවිඞ් 19 නිසා ඇතැම් රටක සිදුවන මරණ අනුපාතය වෙනත් රටවලට වඩා වැඩි වීමටද මෙම වෙනස්කම් හේතුවන බවයි මහාචාර්ය නිලිකා මලවිගේ පවසන්නේ.

ඒ අනුව වෛරස ආසාධනයක් සඳහා කිසියම් රටක සොයා ගනු ලබන එන්නතක් තවත් රටකට ගැලපෙන්නේදැයි අවබෝධ කරගැනිමට නම් පළමුවෙන් අදාල රටෙහි ව්‍යාපත්වන වෛරස ඛාණ්ඩය නිවැරදිව හදුනා ගත යුතු බවද ඇය පෙන්වා දුන්නා.

වෛරස ඛාණ්ඩ හදුනා ගැනීම සිදු කළ හැක්කේ ඒවායේ ජාන සැකැස්ම අධ්‍යනය කිරීමෙන්. මෙවැනි අධ්‍යයනයක් ශී‍්‍ර ලංකාවේ සිදු කෙරුණු පළමු අවස්ථාවද මෙය වනවා.

මීට පෙර සිදු කෙරුණේ වෛරසයේ ඍභ් අණු වෙන්කර ගෙන පර්යේෂණ සඳහා එවා විදෙස් රසායනගාරයකට යැවීමයි.

ඒ අනුව කොවිඞ් 19 රෝගය ඇති කරමින් ශී‍්‍ර ලංකාවේ මේ වන විට ව්‍යාප්ත වෙමින් තිබෙන්නේ නව කොරෝනා හෙවත් සාස් කොව් ටූ වෛරසයේ කුමන ඛාණ්ඩය දැයි ශී‍්‍ර ලංකාවේදීම හදුනාගැනීමට හැකිවීම ශී‍්‍ර ලංකාව ලැබූ ජයග‍්‍රහණයක් වනවා.

(Neth)