Thursday, October 31, 2024
Follow Us
රට පුරා යලිත් ඇඳිරි නීතිය - ඇඳිරි නීතිය ඉවත් කිරීම මහජන හැසිරීම අනුවයි

මේවන විට රට පුරා ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඉකුත් දිනවලදී දිස්ත්‍රීක්ක 04ක් සහ තවත් පොලිස් බල ප‍්‍රදේශ කිහිපයකට හැර සෙසු සියලූ ප‍්‍රදේශවලට දිවා කාලයේදී ඇඳිරි නීතිය ඉවත් කර තැබුණා.

එහෙත් අද සහ හෙට දින දෙකේදී එම සියලූ ප‍්‍රදේශවලටද ඇඳිරි නීතිය අඛණ්ඩව බලාත්මක වනවා. ඊට අවනතව සහ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සෑම විටම කටයුතු කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් නැවත ඉල්ලා සිටින්නේ.

ඇඳිරි නීතිය සම්පූර්ණනේ ඉවත් කර ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත්වන්නේ කවදාදැයි බොහෝ දෙනෙකු ප‍්‍රශ්න කරනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඊට පිළිතුරු ලබා දුන්නා.

එක් අයෙකු හෝ කිහිපදෙනෙකු වුවද ඇඳිරි නීතිය සහ සෞඛ්‍ය උපදෙස් නොසලකා කටයුතු කිරීම රටම අවධානමට හෙළන බවද මෙහිදී පැහැදිලි කෙරුණා.

නාවික සෙබලූන් පිරිසක් සහ කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ පිරිස් අනතුරට පත්ව සිටින්නේද එලෙස ඇඳිරි නීතිය සහ සෞඛ්‍ය උපදෙස් නොසලකා කටයුතු කළ හිතුවක්කාර කිහිප දෙනෙකු නිසා බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පෙන්වාදුන්නේ.

(Neth)