කොළඹ සිට ලොරි රථවල නැග රහසිගතව යාපනය වෙත පැමිණි බවට අනාවරණය වූ පිරිස හඳුනාගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයින් 07 දෙනා ඊයේ (22) සවසම මෙලෙස ආරක්ෂක අංශ මගින් හඳුනාගෙන ඇති අතර ඔවුන් ස්වයං නිරෝධායනය වෙත යොමුකොට තිබෙනවා.
යාපනය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්ති සඳහන් කළේ ඔවුන් පිළිබඳව නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් ඇති බවයි.
කොළඹ ප්‍රදේශයේ කුලී වැඩ සඳහා පැමිණ සිටි පිරිසක් මෙලෙස රහසිගතව ලොරි රථවල නැග යාපනය වෙත පැමිණ තිබුණා.
---------------------------------
කොළඹ අවදානම් කලාපයෙන් 07ක් පැනලා - යාපනයේදී අනාවරණය වෙයි
(23-04-2020 06:48)
කොරෝනා අධි අවධානම් කලාපය ලෙස නම් කොට ඇති කොළඹ ප්‍රදේශයේ සිටි පුද්ගලයින් 07 දෙනෙකු කිසිදු දැනුම්දීමක් හෝ අවසරයකින් තොරව යාපනය වෙත පැමිණ ඇති බවට තොරතුරු වාර්තාවන බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.
යාපනය ආරක්ෂක අංශ පැවසූවේ ලොරි රථවල නැගී අදාළ පිරිස අවසරයකින් තොරව යාපනය වෙත පැමිණ ඇති බවට තොරතුරු වාර්තාවන බවයි.
අදාළ පිරිස සහ ඔවුන් යාපනය වෙත රැගෙන පැමිණි ලොරි රථයේ රියදුරු සහ රිය සහයක අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර කොළඹ වසා දමා තිබු ප්‍රදේශවල රැඳී සිට හොර රහසේ පැමිණි පිරිස යාපනය ගුරුනගර්, පාසෙයූර්, නාවට්කුලි, තෙලිප්පලෙයි, තොල්පුරම් හා සංකානෙයි ආදි ප්‍රදේශයන් වෙත පැමිණ ඇති බවද ආනාවරණය කොටගෙන තිබෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇති බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.
(Neth)