දුම්රිය සේවය යළි යථා තත්වයට පත් කරන්නේ නම් ඊට පෙර දුම්රිය සේවකයන්ගේ සනීපාරක්ෂක පහසුකම් තහවුරු කළයුතු බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එසේ නොමැතිව දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීම පිළිබඳව පමණක් බලධාරීන් අවධානය යොමු කරන්නේ නම් එය දුම්රිය සේවකයන්ගේ මෙන්ම මගීන්ගේද ජීවිත අනතුරේ හෙළීමක් බවයි එම සන්ධානයේ කැඳවුරම්කරු එස්.පී. විතානගේ මහතා පෙන්වා දෙන්නේ.
දුම්රිය සේවකයන්ගේ සනීපාරක්ෂාව සඳහා විශේෂ පහසුකම් ලබාදිය යුතු බවත්, දුම්රිය මැදිරි, දුම්රිය ස්ථාන, කාර්යාල සහ වැඩබිම් විෂබීජහරණය කළයුතු බවත් ඔහු පෙන්වා දෙනවා.
එසේ නොමැති නම් දුම්රිය ධාවනය සඳහා එක්වීමට දුම්රිය සේවකයන් සූදානම් නොමැති බවයි විතානගේ මහතා අවධාරණය කරන්නේ.
(LNW)