Thursday, October 31, 2024
Follow Us
පිළියන්දල රෝගියා ආසාදනය වූ හැටි ප්‍රශ්නයක් - සොයුරා ඕස්ට්‍රේලියාවෙන් ආවත් ඔහුට රෝග ලක්ෂණ නෑ

ඊයේ (20) දිනයේ පිළියන්දල ග්‍රාමෝදය මාවතෙන් හමුවූ කොරෝනා ආසාදිතයාට එම වෛරසය ආසාදනය වූයේ කෙසේදැයි තවමත් පරීක්ෂණ සිදු කෙරෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

"මෙතනදි අපට තහවුරු වෙච්ච දෙයක් තමයි මොහුගේ සහෝදරයෙක් මාර්තු මාසෙ 14 වෙනිදා ඕස්ට්‍රේලියාවෙ සිට ලංකාවට පැමිණිලා තියෙන්නෙ. ඔහු දින 14ක නිරෝධායන කාලයකට යටත්ව ස්වකීය නිවසේම කාලය ගතකරලා තියෙනවා. නිරෝධායනය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ යහපත් ලෙස අවසන් කරලා තියෙනවා. මේ රෝගය පොසිටිව් වෙලා තියෙන්නෙ එයාගෙ සහෝදරයෙකුට. නමුත් මේ රට ඉඳන් ආපු පුද්ගලයාට කිසිම රෝග ලක්ෂණයක් නෑ.

ඉතින් මේ අසනීප වෙච්ච පුද්ගලයා ඊයෙ ක්ෂණිකව අසනීප වෙලා තියෙනවා. නමුත් ඔහුට වෙන රෝගියෙක් හා සම්බන්ධ වෙච්ච ඉතිහාසයක් පේන්න නැහැ. ඉතිං අපි තවදුරටත් මේක විමර්ශනය කරනවා, මේ රෝගියාට මේක ආවෙ කොහොමද කියන එක. මොකද මේ ඕස්ට්‍රේලියාවෙන් ආපු පුද්ගලයාට රෝග ලක්ෂණ නැහැ" යනුවෙනුයි බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ රාත්‍රියේ එම ස්ථානයේදී ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් මෙම රෝගියා ඇසුරු කළ තවත් නිවාස 11ක පුද්ගලයින් මේ වනවිට නිවෙස් වලම නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.

(LNW)