Thursday, October 31, 2024
Follow Us
ඊයේ රෝගීන් 17 දෙනාගෙන් 16ක්ම කොටහේන රෝගියාට සම්බන්ධ අය - හමුදාපති

ඊයේ (19) දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 17 දෙනාගෙන් 16 දෙනෙක්ම පසුගිය 15 වනදා කොරෝනා ආසාදිතයකු වශයෙන් හදුනාගත් කොටහේනේ පදිංචි කාන්තාවගේ අසල්වැසියන් සහ ඒ සම්බන්ධ පුද්ගලයින් බව හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

"ඊයේ 17 දෙනෙක් හමුවුණා. 17 දෙනාගෙන් ප්‍රථමයෙන් මීට දින හතරකට පෙර, 15 වෙනිදා කාන්තාවක් වාර්තා වෙනවා කොටහේන ප්‍රදේශයෙන් වසය අවුරුදු 59ක. මේ කාන්තාව ඉන්දියාවේ සංචාරයකට ගිහින් ආව කෙනෙක්. 17 වෙනිදා වෙනකොට අපට හමුවෙනවා ඇයගේ සැමියා සහ පුත්තු දෙදෙනාම ආසාදිතයින් බවට පත්වෙලා. ඊට පසුදින හමුවෙනවා තවත් 6 දෙනෙකු ඇයගේ නිවසට නිවෙස් දෙකකට එහා පැත්තෙ පදිංචි අය. එතකොට ඊයේ මේ හමුවුණ 17න් 15 දෙනෙක් කෙළින්ම - මේ අල්ලපු ගෙදර 10 දෙනෙක්. ඒත් එක්කම ඉතුරු පස්දෙනා ඔවුන්ගෙ අසල ඥාතීන් හා අසල්වැසියන් - මේ කාන්තාවගෙ නිවස අවට PCR පරීක්ෂණ කරනු ලැබුවා, ඒත් එක්කම ඒ අය දැන් නිරෝධායන මධ්‍යස්ථානවලටත් රැගෙන ගොස් තිබෙනවා.

එතනින් 15ක් හමුවෙනවා. ඊට අමතරව තව එක පුද්ගලයෙක් ඊයෙ අන්තිමට හමුවුණ පුද්ගලයා මේ කාන්තාවගේ ස්වාමි පුරුෂයා ළඟින් ඇසුරු කරපු අයෙක්. ඔහුත් නිරෝධායනයට ලක් කරලා තිබ්බ පුද්ගලයෙක්.

ඊට අමතරව තමයි තව එක්කෙනෙක් හමුවෙන්නෙ. ඒ 16 වෙනියට හමුවෙච්ච කෙනා. මීගමුවෙ මීට සති තුනකට කලින් ඔබට මතකයි 120 වන රෝගියා හැටියට හඳුනාගත්ත පුද්ගලයා මියගියා, ඔහු මියගියායින් පස්සෙ මීගමුව ප්‍රදේශයේ ඔහු ඇසුරු කළ පුද්ගලයින් අපි නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙනිච්චා. ඒ අතරින් එක්කෙනෙක් තමයි මේ හමුවුණේ.

ඒ අනුව නිරෝධායනයට ලක් කරලා තියෙන අයගෙන් තමයි මේ 17 දෙනාම හොයාගෙන තියෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

(LNW)