කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය බළලුන්ට පමණක් නොව තවත් සත්ව වර්ග රැසකට වැළදෙන බවට පර්යේෂකයින් පිරිසක් අණාවරණය කර ගෙන තිබෙනවා.
විවිධ සතුන් 251 දෙනෙකුගේ පෙනහළු ව්‍යුහයන් අධ්‍යයනය කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ වවුලන් හෝ මිනිසුන් සමඟ සම්බන්ධ වීමෙන් ඔවුන්ටද කෝවිඩ් -19 වෛරසය ආසාදනය විය හැකි බවයි හුනාන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සඳහන් කරන්නේ.
ඔවුන්ගේ සොයාගැනීම් වලට අනුව, වවුලන්, කැබැල්ලෑවන් සහ මිනිසුන්ට අමතරව වෛරසය අවම වශයෙන් තවත් ජීවීන් දහයකටවත් ආසාදනය කිරීමේ හැකියාවක් ඇති බව අනාවරණ කර ගෙන ඇත.
ඒ අනුව බළලුන්, එළදෙනුන්, එළුවන්, ඌරන්, බැටළුවන්, මී හරකුන් සහ පරවියන් යන සතුන්ටද කොරෝනා වෛරසය ආසාධනය විය හැකි සතුන් බවට පර්යේෂකයින් අනාවරනය කර ගෙන ඇත.
මිනිසුන්ගෙන් ක්ෂීරපායීන්ට මෙම වෛරසය සම්ප්‍රේෂණය වීමෙන් එය නැවතත් වෙනස් වී පෙර ඇතිවූ තත්ත්වයට වඩා මාරාන්තික අයුරින් මිනිසුන්ට ආසාදනය වීමේ හැකියාවක් ඇති බව පර්යේෂකයින් අනතුරු අඟවා සිටියි.
චීනයේ වුහාන් නගරයේ පිහිටි බෝවන රෝග පිලිබඳ මධ්‍යස්ථානයේ සේවය කළ වෛරස පිලිබඳ විශේෂඥයෙක් වන Xing-Yi Ge මෙම පර්යේෂණ කණඩායමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ලබනවා.
මෙම පර්යේෂණයේදී අනාවරණය වී ඇති තවත් සුවිශේෂී කරුණක් වන්නේ කොවිඩ් වෛරසය හමුවූ Horeshoe නම් වවුලන්ගෙන් සෘජුවම මිනිසුන්ට එය සම්ප්‍රේෂණය වී නොමැති බවයි.
එම වෛරසය වැළදුණු කැබැල්ලෑවන් ගෙන් එය මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමට වැඩි ඉඩක් ඇති බවට සැක කෙරෙනවා. ඊට හේතුව වන්නේ වෛරසයේ ව්‍යාප්තිය ආරම්භය බවට සැලකෙන වුහාන් වෙළදපලේ කැබැල්ලා මස් බහුල ලෙස විකිනීමට තිබීම හේතුවෙන්.
එසේ නොවන්නට මෙම වෛරසය ගැන පරීක්ෂණ සිදුකළ වුහාන් පර්යේෂණාගාරයෙන් එය පිටවෙන්නට ඇති බවයි සැකපළ කරන්නේ.
මේ වන විටත් බළලුන් සහ ව්යාඝ්රයෙක්ට නව කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වී තිබෙනවා.
(Neth)