ඊයේ (18) දිනයේ වාර්තා වුණු කොරෝනා ආසාදිතයින් 10 දෙනා පිළිබඳ විස්තරයක් හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
"ඊයෙ උදෑසන රෝගීන් හතර දෙනෙක් වාර්තා වුණා. අර සීදුව සුදුවැල්ල ප්‍රදේශයෙන් අරන් ගිය, දැනට නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න තුන් දෙනෙක් තමයි තහවුරු වුණේ. PCR පරීක්ෂණ දිගටම අරන් ගිය කට්ටියගෙ කරනු ලබනවා. ඊට අමතරව ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සේවිකාවක් සමඟ ඇසුරු කරපු, නිරෝධායනයට ලක්ව සිටින කාන්තාවක් හතර වෙනියා හැටියට සොයාගනු ලැබුවා.
ඊයේ රාත්‍රී කාලෙදි තව හය දෙනෙක්. අපි මේ කොටහේන ප්‍රදේශයෙන් අරන් ගියා වැලිසර ගුවන් හමුදාව විසින් කරගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයකට පිරිසක්. ඊට හේතුවුණේ අර සුදුවැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක් විවිධ ප්‍රදේශවල සැරිසරලා තිබ්බා. ඒ අනුව ඔය සැරිසරපු ප්‍රදේශයෙක් විදියට කොටහේනේ බණ්ඩාරනායක මාවත කියලා ප්‍රදේශයකින් කට්ටියක් රැගෙන ගියා. ඒ රැගෙන ගිය අයගෙන් හය දෙනෙක් තමයි මේ ආකාරයෙන් ආසාදිතයින් හැටියට ඊයෙ රාත්‍රියේදි සොයාගනු ලැබුවේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
හමුදාපතිවරයා මේ බව පැවසුවේ අද (19) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.
(LNW)