Thursday, October 31, 2024
Follow Us
කොළඹ ජාතික රෝහලෙන් ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ට විශේෂ දුරකතන අංක කිහිපයක්

ශී‍්‍ර ලංකා ජාතික රෝහල අමතා රෝගීන්ට දුරකථනයෙන් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් සකස් කර තිබෙනවා. ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ඩබ්ලිව් කේ වික‍්‍රමසිංහ පවසන්නේ කෝවිඞ් 19 වසංගතය හේතුවෙන්, දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලූ ප‍්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගීන් මේ වනවිට විවිධ අපහසුතාවයන්ට මුහුණ දී ඇති බවයි.

ඒ අනුව 0113618724 සහ 0768185157 යන දුරකථන අංක අමතා වෛද්‍ය උපදෙස් ලබාගත හැකියි. එමෙන්ම 0112691111 අමතා දිගුඅංක 2418 ඇමතීමෙන්ද වෛද්‍ය උපදෙස් ලබාගැනීමට පහසුකම් සලසා තිබෙනවා. සදුදා සිට සෙනසුරාදා දක්වා සෑම දිනකම පෙරවරු 8.00 සිට පස්වරු 1.00 දක්වා මෙම සේවාව කි‍්‍රයාත්මකයි.

(Neth)