Thursday, October 31, 2024
Follow Us
ශී‍්‍ර ලංකාව තුළ කොරෝනා පැතිරීම පාලනයකට නතු වෙයි - වෛද්‍යවරු කියයි

කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ශී‍්‍ර ලංකාව තුළ පාලනය වෙමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ වෛරසයේ ව්‍යාප්තිය ආරම්භවීමත් සමග ආණ්ඩුව ගනු ලැබූ ක‍්‍රමවේද මෙම තත්ත්වයට හේතු වූ බවයි.

කෙසේවෙතත් කොරෝනා රෝගීන් හදුනා ගන්නා PCR පරීක්‍ෂණ තවදුරටත් සිදුකළ යුතු බව ඔහු අවධාරණය කළා. එසේ වුවහොත් ශී‍්‍ර ලංකාවෙන් කොරෝනා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කළ හැකිවනු ඇති බවයි වෛද්‍ය සමන්ත ආනන්ද කියාසිටියේ.

කොරෝනා රෝගය වැළදුණු පුද්ගලයින් සමීපව ඇසුරු කළ පුද්ගලයින් 3,000කට ආසන්න පිරිසක් හදුනාගෙන ඇති බැවින් ඔවුන්ගේ පරීක්‍ෂණ කඩිනමින් අවසන් කළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කළේ.

ශී‍්‍ර ලංකාව තුළ PCR පරීක්‍ෂණ සිදුකළ හැකි උපරිම ධාරිතාව වන 1,500 සීමාවට ළගාවීමේ අවශ්‍යතාවද ඔවුන් අවධාරණය කරනවා.

(Neth)