ඇදිරි නීතිය කි‍්‍රයාත්මකවීමත් සමග ආර්ථික වශයෙන් පීඩාවට පත් පවුල් ඒකක සදහා රුපියල් 5,000 ක දීමනාවක් ලබාදීමේ වැඩසටහන සදහා ග‍්‍රාම නිලධාරීන් අද සිට යළි එක් වනවා.
ඔවුන් එම කටයුතුවලට සම්බන්ධ නොවුණේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කිරීම හේතුවෙන්. අදාළ දීමනාව ලබාදීමේ කටයුතුවලින් ග‍්‍රාම නිලධාරීන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් ඊයේ දිනයේද ඉවත් වී සිටියද සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය මෙම කටයුතු සදහා එක්ව සිටියා.
එහෙත් අද සිට යළි එම කටයුතු ග‍්‍රාම නිලධාරීවරුන්ගේ මූලිකත්වයෙන් සිදුවන බවයි ශී‍්‍ර ලංකා ග‍්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර පැවසුවේ.
රුපියල් පන් දහසේ දීමනාව ලබාදීමේ කටයුතුවලින් ඉවත්වීමට ගත් තීරණය ඊයේ පස්වරුවේ අත්හිටුවීමට තීරණය කළේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයට එක්වූ නිලධාරීන් සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සමග පැවති සාකච්ඡාවකින් පසුවයි.
ඒ අනුව මීට පෙර සකස් කළ ලේඛණයේ කිසියම් අඩුපාඩුවක් වේ නම් අද උදෑසන සිට එය යළි නිවැරදි කිරීමේ කටයුතු ආරම්භ කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සදහන් කළේ පවුල් ලක්ෂ 52කට සහනාධාර ලබාදීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවයි. රුපියල් 5,000 දීමනාව ලබාදීම සදහා අලූතින් පවුල් ලක්‍ෂ 19 ක් හදුනාගෙන ඇති බවද ඔහු කියාසිටියා.
අද දිනයේ සිට කි‍්‍රයාත්මක වැඩපිළිවෙල යටතේ එක් පවුල් ඒකකයකට රුපියල් 5,000 ක් ලැබෙන පරිදි ලේඛණය සංශෝධනය කිරීමටද නියමිතව තිබෙනවා. එක් පවුලකින් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ නම් මීට පෙර සකස් කළ ලේඛණයට ඇතුළත්ව තිබූ බවටයි චෝදනා එල්ල වී තිබුණේ.
(Neth)