ඊයේ (16) දිනයේදී දිවයින පුරා කොරෝනා වෛරසය හඳුනා ගැනීම සඳහා සිදුකරන PCR පරීක්ෂණ 500ක් සිදුකලත් එකඳු කොරෝනා ආසාධිත රෝගියෙක් වාර්තා නොවූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව සහ කණ්ඩායම් විසින් PCR පරීක්ෂණ සිදුකර දෙන ලෙස ඉල්ලීම් සිදුකරනු ලබන බවත් මෙය ඉල්ලීම් සිදුකොට සිදුකළ යුත්තක් නොව විද්‍යාත්මක සාධක අනුව සිදුකරන පරීක්ෂණයක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.
විද්‍යාත්මක සාධක අනුව තීරණය කර ලබා ගන්නා සාම්පල් පරික්ෂණයට බඳුන් කිරිමට පැය 5-6ත් අතර කාලයක් ගතවේ. මේ සඳහා ගතවන කාල සීමාව, යෙදවිය යුතු කාර්ය මණ්ඩලය මෙන්ම වියදම් ගැනද සලකා බැලිය යුතුයි.
මේ අනුව පරීක්ෂණ සිදුකරනු ලබන්නේ අවදානම සලකා බලායි. රෝහල් ගතවී රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින්, නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් සහ රෝගය ඇතැයි සැක කරන අවදානම වැඩි පුද්ගලයින්ට මේ වන විට PCR පරීක්ෂණය සිදුකරන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියේ.
මේ වන විට දිවයින පුරා පර්යේෂණාගාර 13ක PCR පරීක්ෂණය සිදුකරන අතර හෙට දිනයේ සිට මඩකළපුව ශික්ෂණ රෝහලද එම පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ.
(Neth)