Wednesday, October 30, 2024
Follow Us
මෙම කාලසීමාවේදී මාර්ගයන්හි වාහන නවතා තැබීම වෙනුවෙන් ගාස්තු ගෙවීමෙන් වළකින ලෙස දැනුම් දෙයි

ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කොළඹ මහ නගර සභා බලප‍්‍රදේශයේ කොළඹ මහ නගර සභාව මගින් පාලනය වන මාර්ගයන්හි වාහන නැවතුම් ගාස්තු අය කිරීම සදහා කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලය පවරා නොමැති බව කොළඹ මහ නගර සභාව පවසනවා.

අදාළ කාලය තුළ මෙම මාර්ගයන්හි වාහන නවතා තැබීම වෙනුවෙන් ගාස්තු ගෙවීමෙන් වළකින ලෙසයි මහජනතාවට දැනුම් දෙන්නේ.

මෙය වාහන නැවතුම් ගාස්තු ගෙවීම් මීටර යොදවා ඇති මාර්ගයන්ටද අදාළ වන බව කොළඹ මහ නගර සභාව පවසනවා. ඒ අනුව ගාස්තු අය කිරීම් සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් වෙතොත් 077 109 31 27 දුරකතන අංකය අමතන ලෙසයි කොළඹ මහ නගර සභාව දැනුම් දෙන්නේ.

(Neth)