නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂණ 378 ක ප්‍රතිඵල අද (16) ලැබීමට නියමිතව තිබෙනවා. එම පරීක්ෂවලින් 190 ක් පමණ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින පුද්ගලයන්ගේ පරීක්ෂණ වේ.
පසුගිය 11 වැනිදා සිට 14 වැනිදා දක්වා කාලය තුළ පමණක් පූනානි මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයන් සම්බන්ධයෙන් මෙවැනි පරීක්ෂණ 788 ක් පමණ සිදුකර තිබෙනවා.
මේ වනවිට මෙරට තුළ නිරෝධායන මධ්‍යස්ථාන 16 ක් ක්‍රියාත්මකව පවතින අතර එම මධ්‍යස්ථානවල පුද්ගලයන 1431 දෙනෙකු රඳවා සිටින බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. ඊයේ දිනය වනවිට නිරෝධායන ක්‍රියාවලියට ඇතුළත්ව සිටි පුද්ගලයන් 3701 ක් නිවෙස් වෙත පිටත් කර යවා තිබෙනවා.
(LNW)