ඊයේ දිනයේ හමුවූ කොරෝනා රෝගීන් පස්දෙනා අතරින් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වූ රෝගී කාන්තාව පසුගිය මාර්තු 12 වනදා විදෙස් රටක සිට මෙරටට පැමිණි අයෙකු බව හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
"තව එක කාන්තාවක් ඊයේ ජාතික රෝහලෙන් සොයාගනු ලැබුවා. ඇත්තටම මැය ලංකාවට මාර්තු මාසෙ 12 වෙනිදා ඇවිල්ලා තියෙන්නෙ. ලංකාවට ඇවිල්ලා මාර්තු 12 ඉඳලා ඇයට ඇදුම සහ දියවැඩියා රෝගයන් සඳහා ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ඉතින් ඊයෙ දිනයේ මේ ආකාරයෙන් ඇය ජාතික රෝහලේ ප්‍රතිකාර කිරීමට පැමිණියායින් පසුව කරන ලද පරීක්ෂණයකින් තමයි ඇයව තහවුරු වුණේ. ඒත් සමඟම වහාම ඇය සමඟ සිටින පුතාවත් PCR පරීක්ෂණයට භාජනය කරනු ලැබුවා. ඔහු මෙය ආසාදනය වී නැති බවට තහවුරු වුණා. තවදුරටත් ඒ සම්බන්ධව කටයුතු කරමින් සිටිනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ඒ අනුව මෙම කාන්තාව රෝගියකු වශයෙන් වාර්තා වී ඇත්තේ මෙරටට පැමිණ දින 33ක් ගතවූ පසුවය.
මෙම කාන්තාව පිළිබඳ වැඩිදුර තොරතුරු පවසමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවේ ඇය කොටහේන ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවක් බවත් ඉන්දියාවේ සංචාරයක නිරතව සිට මෙරටට යළි පැමිණ ඇති බවත්ය.
මෙසේ රෝහලකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණ කොරෝනා රෝගියකු වාර්තා වුණේ දින පහකට පසුව බවත් ඒ මහතා සඳහන් කළේය. මීටපෙර දින පහේම රෝගීන් වාර්තා වී තිබුණේ නිරෝධායන මධ්‍යස්ථානවලින් පමණි.
(LNW)