Wednesday, October 30, 2024
Follow Us
විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනිමට පෙර කළ යුතු දේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි

කොරෝනා වෛරසය සමජාය තුල සම්ප්‍රේෂණය වීම අඩු මට්ටමක පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ ඊයේ දිනයේ තහවුරු වු කොරෝනා ආසාදිතයින්ගෙන් ද කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් නොවුණු බවයි.

සංචාරකයින් ගෙන්වා ගැනිමට පෙර විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනිමට පියවර ගන්නා බවත් එය නිසි කළමණාකරණයකින් යුතුව සිදුකළ යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

ඒ සඳහා රට අභ්‍යන්තරය තුල නිරෝධායන වන පිරිස් නිරෝධායන ක්‍රියාවලිය අවසන් විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

(Aruna)