Wednesday, October 30, 2024
Follow Us
කොරෝනා පරීක්ෂණ සඳහා පුද්ගල ජෛව සාම්පලවලට අවශ්‍ය උපකරණ මෙරටදී නිපදවයි

කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා පුද්ගලයින්ගෙන් ජෛව සාම්පල ලබා ගැනීමට භාවිත කරන උපකරණ, මෙරටදීම නිෂ්පාදනය කිරීමට ශ‍්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍යවරුන් කටයුතු කර තිබෙනවා.

එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියා සිටියේ රටේ අවශ්‍යතාව අනුව විවිධ අවස්ථාවලදී ශ‍්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය විවිධ වෛද්‍ය පරීක්ෂණ කට්ටල නිෂ්පාදනය කර ඇති බවයි පෙන්වා දුන්නේ.ශ‍්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය එන්නත් වර්ග, සේලයින් ආදිය නිෂ්පාදනය කළ ආයතනයක් බවද පෙන්වා දුන්නා.

මෙම උපකරණ විද්‍යාත්මකව හා තාක්ෂණිකව නිවැරදි අගය කිරීම්වලට සහ සහතික කිරීම්වලට මෙන්ම ප‍්‍රමිතිකරණයට ද ලක් කෙරෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

(Neth)