Wednesday, October 30, 2024
Follow Us
මෙරට දෛනිකව සිදු වූ ඇතැම් මරණත් ඇඳිරි නීතිය නිසා නවතී

කොවිඞ් -19 හෙවත් නව කොරෝනා ව්‍යසනයත් සමග රට පුරාම ඇඳිරි නිතිය පනවා විවිධ සීමා කිරීම් ද සිදු කර තිබුනත් මෙම ව්‍යසනයත් සමග ඇති වූ යහපත් ප‍්‍රවනතා ද තිබෙන බව විද්වතුන් පෙන්වා දෙනවා.

මේ වනවිට නව කොරෝනා ආසාධිතව ශ‍්‍රී ලංකාවේ සිදුව ඇති මරණ ගණන 07ක්. එහෙත් ඉකුත් වකවානුවේදී රිය අනතුරුවලින් පමණක් දෛනිකව ශී‍්‍ර ලංකාවේ මරණ 08ක් පමණ සිදුවුණා.

කොවිඞ් -19 හෙවත් නව කොරෝනා ව්‍යසනයත් සමග රට පුරාම ඇඳිරි නීතිය පැනවීමෙන් මෙම තත්ත්වය ද වෙනස් වී තිබෙනවා.

රිය අනතුරු කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙන බවයි කොළඹ ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරීනී පුෂ්පා රම්‍යානි ද සොයිසා පැවසුවේ.

මෙම යහපත් ප‍්‍රවණතාව අඛණ්ඩව පවත්වාගත හැකි නම් එය ශක්තිමත් රටකට පිටුවහලක් වන ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

රිය අනතුරු අවම වූ මෙම යහපත් ප‍්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගැනීමට නම් පුද්ගලයින් මහාමාර්ගයේදී විනය ගරුකව හැසිරීමට පුහුණු විය යුතු බව ද මෙහිදී පැහැදිලි කෙරුණා.

(Neth)