Wednesday, October 30, 2024
Follow Us
නිරෝධායන කාලය දින 21 කිරීමේ අදහස ගැන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම කතා කරයි

සාමාන්‍ය ජීවන රාටවට කෙතරම් ඉක්මනින් යළි එළඹිය හැකිදැයි තීරණය වන්නේ මහජනතාවගේම හැසිරීම අනුව බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

නව කොරෝනා හෙවත් කෝවිඞ් -19 හි පැතිරයාම මේ වනවිට සතුටු විය හැකි මට්ටමකට පාලනය කර ඇති බවයි IDH උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පැවසුවේ.

එහෙත් ව්‍යවසනය සම්පූර්ණයෙන් යටපත් කිරීම සඳහා මහජනතාව තවදුරටත් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්ම කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කළා.

නිරෝ්ධායනය අවසන් කල පිරිස් සම්බන්ධයෙන් යලිත් පසුවිපරමක් කිරීමට ගනු ලැබ ඇති තිරණය සම්බන්ධයෙන් ද නිරෝධායන කාලය දින 21 දක්වා දීර්ඝ කල යුතු බවට ඉදිරිපත් වන අදහස් සම්බන්ධයෙන් ද මෙහිදී ප‍්‍රශ්ණ කෙරුණා.

එහිදී විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පෙන්වා දුන්නේ මෙම වෛරසය අලුත් වෛරසයක් නිසා එහි හැසිරීම ගැන දැනීම අඩු බවයි. ඒ අනුව නිරෝධායනය වී පිටව ගියත් නිවස තුළ රැඳී සිටීම වඩාත් සුදුසු බවයි සඳහන් කෙරුණේ.

මහජනතාව ලබා දී ඇති උපදෙස් පිලිපදිමින් ඉදිරි දින ගණනාව ද ගත කල හොත් පනවා ඇති ඇඳිරි නිතිය බොහෝ විට මෙම මාසය තුලදී ලිහිල් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ද මීට පෙර පැවසුවා.

(Neth)