කොරෝනා වෛරසය ආසාදිතයන් හඳුනාගැනීම සඳහා තම සංගමය විසින් සිදුකරන ලද යෝජනාවලට සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු ප‍්‍රතිචාරයක් නොදක්වා තම සංගමය යම්කිසි අවඥාවට ලක්කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරන්නේ කොරෝනා වෛරසයේ ඉදිරි තත්වය ගැන මේ මොහොතේ පැවසිය නොහැක්කේ සමාජයේ කොතරම් ප්‍රමාණයක් ආසාදිතයන් සැඟවී සිටින්නේ දැයි නොදන්නා නිසා බවයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ද කොරෝනා පරීක්ෂණය ප්‍රමාණවත් පරිදි සිදු කිරීම සඳහා පහසුකම් ඇතත් වසංගත රෝග විද්‍යා අංශය විසින් ඊට අනුමැතියක් ලබා දී නැති බව ද ඔහු සඳහන් කරයි.
කොරෝනා වෛරසයට දින සියයක් ගෙවුණු පසු හදිසියේ මහා බුද්ධිමතුන් පිරිසක් පහළ වී ඇති බවත් ඔවුනට වෛරසය පාලනය කළ හැකි යැයි ඔවුන් සිතන බව සභාපතිවරයා කියා සිටියේය.
(Lanka Leads)