මුඛ ආවරණ නොමැතිව මාර්ගවල ගමන් කරන ඕනෑම අයෙකු ආපසු හරවා යවන ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලූ පොලිස් ස්ථාන වෙත උපදෙස් දී තිබෙනවා.
ඇඳිරිනීති බලපත්‍ර හෝ අවසර ලත් පුද්ගලයින් වුවද මාර්ගවල ගමන් කිරීමේදී මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කර තිබේ.
කෙසේ වෙතත් නියමිත ප්‍රමිතයේ මුඛ ආවරණවල හිගයක් ඇතැම් ප්‍රදේශවල පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ.
ඒ පිළිබඳ කළ විමසීමකදී පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේ ප්‍රමතිගත මුඛ ආවරණයක් නොමැති නම් අවම වශයෙන් තමන් විසින්ම සදා ගත් මුඛ ආවරණයක් හෝ මාර්ගවල ගමන් කිරීමේදී සෑම පුද්ගලයෙකුම පැලද සිටිය යුතු බවයි.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් වෛද්‍ය මතය විමසා සිටියා. මේ ඊට පිළිතුරු දුන් රජරට විෂ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන.
පුද්ගලයෙකු පැලද සිටින්නේ ප්‍රමිතිගත නොවූ මුඛ ආවරණයක් නම් එම පුද්ගලයාට නව කොරෝනා වෛරසය ආසාධනය වීමට තවදුරටත් අවස්ථාවක් තිබෙන බව මීට පෙර ප්‍රකාශ කෙරුණා.
ඒ අනුව මුඛ ආවරණයක් පලදින්නේ නම් එය ප්රමිතගත එකක් විය යුතු බවයි එහිදී විස්තර කෙරුණේ. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන්ද මහාචාර්ය චන්න ජයසුමනගෙන් විමසීමක් කළා.
මාර්ගවල ගමන් කිරීමේදී මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කිරීමට ගනු ලැබූ තීරණය අගය කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.