ලදරුවන්ට සහ කුඩා ළමයින්ට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීම කඩිනමින් යලි ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් සකස් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
නව කොරෝනා වෛරසය පැතිරයාම වළක්වාලීම සඳහා සායන මේ වන විට නවතා තිබෙන අතර ඒ අනුව ලදරුවන්ට සහ කුඩා ළමයින්ට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමද මේ වන විට සිදු නොවන බවයි නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළේ.
කෙසේ වෙතත් ලදරුවන්ට සහ කුඩා ළමයින්ට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීම එලෙස ප්‍රමාද කිරීම සුදුසු නොවන බව පෙන්වා දෙමින් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීම යළි කඩිනමින් ආරම්භ කරන ලෙස රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයද ඉල්ලීමක් කළා.
ලදරුවන්ට සහ කුඩා ළමයින්ට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීම කඩිනමින් යලි ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ නෙත් නිවුස් ඒ පිළිබඳ කල වැඩිදුර විමසීමකදීයි.
මහජන ඒකරාශී වීම අවම කිරීම සඳහා විශේෂ සායන පැවැත්වීමටද සැලසුම් කර තිබෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. කෙසේ වෙතත් ප්‍රතිශක්තීකරණ එන්නත් නිවසට ගොස් ලබා දීම කල නොහැකි බවද වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මෙහිදී පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් නෙත් නිවුස් ඊයේ රාතී‍්‍ර කළ විමසීමකදිත් රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පැවසුවේ ලදරුවන්ට සහ කුඩා ළමයින්ට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීම ආරම්භ කිරීම සඳහා මෙතෙක් උපදෙස් ලැබී නොමැති බවයි.