මාර්ගවල ගමන් කිරීමේදී මුඛ ආවරණ පැලදීම අද සිට අනිවාර්ය වනවා.
මුඛ ආවරණ නොමැතිව මාර්ගවල ගමන් කරන පුද්ගලයින් ආපසු හරවා යැවීමට කටයුතු කරන ලෙසයි වැඩබලන පොලිස්පතිවරයා සියලූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට සහ පොලිස් ස්ථාන වෙත නියෝග කර තිබෙන්නේ.
ඇඳිරි නීති බලපත්‍ර ලබාගෙන තිබීම හෝ මාර්ගවල ගමන් කිරීමට වෙනත් අවසරයන් ලබාගෙන තිබීමද නොසලකා එම නියෝගය කි‍්‍රයාත්මක කරන ලෙසද වැඩ බලන පොලිස්පතිවරයා උපදෙස් දී තිබෙනවා.
නව කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පොලිස් ඇඳිරි නීතිය රට පුරා තවදුරටත් කි‍්‍රයාත්මකයි. නව කොරෝනා වෛරසය දැඩි අවදානම් කලාප ලෙස හඳුනාගත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමටද පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා සහ දේශීය ආර්ථිකය පවත්වාගෙන යාම සඳහාද පියවර ගෙන තිබෙන බවයි රජය පවසන්නේ.
ඇතැම් පුද්ගලයින්ට ඇඳිරි නීති බලපත්‍ර සහිතව හෝ වෙනත් නිසි අවසරයක් සහිතව මාර්ග ගමන් කිරීම සඳහා අවසර ලබා දී ඇත්තේද ඒ අනුවයි.
මේ අතර, නව කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ජීවිත අවදානමද නොසලකා කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ පහළ නිලයන්හි සියලූ නිලධාරීන්ට රුපියල් පන්දහසක මුදල් ත්‍යාගයක් පිරිනැමීමටද වැඩ බලන පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි පැවසුවා.