මින් ඉදිරියට නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යන සෑම පුද්ගලයෙකුම, කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි සොයා බැලෙන PCR පරීක්ෂණයකට භාජනය කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ පිළිබඳ නෙත් නිවුස් වෙත කෝවිඞ් -19 පැතිර යාම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අදහස් දැක්වූවා.
ඇඳිරි නීති බලපත‍්‍ර අවභාවිත කරමින් දිස්ති‍්‍රක්ක අතර ගමන් කිරීමට උත්සාහ දරන පුද්ගලයින් අද (10) සිට දින 14 ක අනිවාර්ය නිරෝධායනයකට යොමු කිරීමට ගෙන ඇති තීරණය කි‍්‍රයාත්මක කරන ආකාරය පිළිබඳව ද යුධ හමුදාපතිවරයා මෙහිදී කරුණු දැක්වූවා.