Wednesday, October 23, 2024
Follow Us
බූස්ස රැඳ­වි­යෙක් CCTV කැමරා 23ක් කඩා දමලා

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ගණයේ සැකකරු‍වෙකු එහි සවිකර තිබූ සී.සී.ටී.වී කැමරා 23ක් ඇතුඵ උපාංග රැසකට හානි සිදු කර ඇති අතර  එම සිදුවීම සම්බන්ධයෙන් එදින රාජකාරියේ නියුතු නිලධාරීන් සඳහා විනය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කර ඇති බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.

පෙරේදා (25) බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ගණයේ සැකකරුවෙකු උදෑසන විවෘතයෙන් පසුව ව්‍යායාම කටයුතු සඳහා යොදවා සිටි අවස්ථාවක එම විශේෂ අංශයේ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරා 23කට අලාභ හානි සිදු කර ඇත. සිදුවීම සම්බන්ධයෙන් සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු යටතේ විමර්ශනයක් ආරම්භ කිරීමටත්, රජයේ පොදු දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් රැඳවියාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා රත්ගම පොලිස් ස්ථානය දැනුම්වත් කිරීමටත් කටයුතු කර ඇත.

මින් පෙරද මෙම රැඳවියා කලහකාරී ලෙස හැසීරීම හේතුවෙන් විවිධ බන්ධනාගාරයන් තුළ රඳවා ඇති අතර, රැඳවියාට විරුද්ධව රජයේ දේපළවලට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ද පවතී. විමර්ශනයෙන් අනතුරුව සිදුවීම පාලනය කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් එදින එම අංශයේ රාජකාරියේ යොදවා සිටි නිලධාරීන් සඳහා විනය ක්‍රියාමාර්ග‍ ගැනීමටද නියමිතය.

Dinamina