Wednesday, October 23, 2024
Follow Us
අත්ඔරලෝසුවෙන් කුඩු ඇද්ද අයෙක් මාට්ටු

බැඳ සිටින අත් ඔරලෝසුව තුළ මත්කුඩු පැකට් සඟවා රැගෙන ගිය පුද්ගලයෙක් අත්අංගුවට ගත් බව  මොරගහහේන පොලීසිය කියයි.

 ඔලුබොඩුව  ප්‍රදේශයේ දී  සැකකරු සැකපිට අත්අඩංගුවට  සිදු කළ පරික්ෂාවේදී  මත් කුඩු පැකට් ප්‍රවාහනය කරන  ක්‍රමය අනාවරණය කර ගැනීමට හැකි වූ බව   පොලිසිය   සදහන් කරයි .

සැකකරු හොරයින් මත්කුඩු  පැකට් ප්‍රවාහනය කරන බවට මොරගහහේන   පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන දැඩි පරීක්ෂාවට ලක් කළත් මත් කුඩු පැකට් සොයා ගැනීමට නොහැකි වූ බැවින් ඇති වූ සැකයක් මත පැළඳ සිටි අත් ඔරලෝසුවේ පිටුපස කවරය  ගලවා සිදුකළ  පරික්ෂාවේදී ඒ තුළ මත්කුඩු පැකට් තුනක් ඉතා සූක්ෂම ලෙස අසුරා තිබියදී  සොයා ගැනිමට හැකි වු බව පොලිසිය කියයි 

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු 33 හැවිරිදි පුද්ගලයකු බවත් සැකකරු මේ  ආකාරයෙන් සැකයක් ඇති නොවන පරිදි මත්කුඩු පැකට් විවිධ  ප්‍රදේශවලට බෙදා හැර ඇති බව   පොලිස් විමර්ශනවලදී  අනාවරණය වි ඇත