Wednesday, October 23, 2024
Follow Us
කීරි සම්බා හා සමාන සහල් තොගයක් ආනයනයට පියවර

එළෙඹෙන උත්සව සමයේ අවශ්‍ය සහල් සැපයීම සඳහා කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගෙන තිබෙන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා (23) රැස්වූ අවස්ථාවේදීය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ රටේ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් වෙළඳපොළට කිරී සම්බා සහල් තොග නිකුත් නොකර තොග සඟවා ගැනීම මගින් කෘතීම ලෙස කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී තිබෙන තත්ත්වය සමනය කිරීමට අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙන බවයි.

ඒ අනුව කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මුහුණ දෙන ගැටලු කෙරෙහි අවධානය යොමු කර ව්‍යාපාරිකයන් සවිබල ගැන්වීමට ක්‍රමවේදයක් සැලසුම් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.